රටම වනසන පිළිකා මාරයා..


පිළිකා රෝගය අපි දන්නා පරිදි බෝ නොවන රෝග ඝනයට ඇතුළත් වේ. මෙය හුදෙක්ම උපතින් හෝ කාලයත් සමගම ඇතිවන රෝගයක් ලෙස අතීතයේ හැදින්විය. නමුත් අද වන විට විද්‍යා ගවේෂකයන් සොයගෙන ඇති කරුණු අනුව අපේ චර්යා රටාවන්ද මීට බලපාන බව සනාථ වී ඇත.

විශේෂයෙන්ම මිට හේතු වී ඇත්තේ අපගේ ආහාර පරිභෝජන රටාවයි. දුම්වැටි පානය, මද්‍යසාරය පානය මීට ප්‍රධාන හේතු වී ඇත අතර ඊටත් වඩා සමාජයේ අවධානය යොමු නොවු පැත්තක් වනුයේ මේවාය.

  • පොලිතින් ඇසුරුම් තුල උණුසුම් ආහාර දැමීම.
  • වරක් භාවිතා කල පසු ඉවත දැමීමට ඇති ප්ලාස්ටික් වතුර බෝතල් නැවත නැවත භාවිතා කිරීම.
  • කිරි පිටි භාවිතා කිරීම.
  • ක්ෂණික ආහාර නිතර ආහාරයට ගැනීම.
  • සත්ත්ව මාංශ නිතර ආහාරයට ගැනීම.
  • රසායනික ද්‍රව්‍ය අධිකව යෙදු එළවළු භාවිතය.
  • කෘත්‍රිම රසකාරක සහිත කඩ කෑම.

ඉහත කී කරුණු නිසා පිළිකා රෝගය දරුණු ලෙස ව්‍යාප්තවෙමින් පවති. මීට අමතරව කතාබහට ලක් නොවු කරුණු ද ඕනෑ තරම් ඇත. මේ තත්ත්වය වලකාලීමට නම් අපි ඉහත දෑ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කල යුතුය. ඊට පොලිතින් භාවිතය අඩු කිරීම, ජලය ගෙන යාමට වීදුරු බෝතල් ආදිය භාවිත කිරීම, හැකි පමණ එළවළු තම ගෙවත්තේම වගා කිරීම, සත්ත්ව ප්‍රෝටීන් වෙනුවට ශාක ප්‍රෝටීන් වලට මාරු වීම, කිරි පිටි වෙනුවට දියර කිරි භාවිතා කිරීමට යොමු වීම කල හැක.

වර්තමානයේ බොහෝ දෙනා පිළිකා රෝගීන් බැහැදැකීමට යයි, ඔවුන් උදෙසා විවිධ පුණ්‍යමය කටයුතු කරති, ඔවුන් උදෙසා කේශ ධාතු දන් දෙයි. නමුත් පිළිකා රෝගයෙන් හැකි පමණ පිරිසක් රෝගයට ගොදුරු නොවී බේරාගැනීමට ඉදිරිපත් වනුයේ අතලොස්සකි.
පිළිකාවක් ස්වභාවිකව ඇතිවීම අපට වැළැක්විය නොහැක. නමුත් අපට විහින් පිළිකා රෝගයට ගොදුරු වීම වැළැක්විය හැකිය.

පිළිකා මාරයාගෙන් අප දේශය බේරා ගනිමු, ඒ වෙනුවෙන් සැවොම එක්වී ඇප කැප වෙමු.

-Nuwan Hasarange Fernando-

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/09/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b7%80%e0%b6%b1%e0%b7%83%e0%b6%b1-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f/
Twitter20
Share20
0 votes