දැනුම


ඇත්තටම මා දැනුමට අර්තදැක්වීමක් දෙන්න අසමත්. නමුත් මා හට දැනුම යන්නෙහි ලක්ශන කීපයක් ඉදිරිපත් කීරීමත් ඒ තුල අන්තර්ගතයෙන් යම් යම් දෑ ඉදිරිපත් කිරීම කල හැකී. ඒ හරහා දැනුම යන්නට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ සැපයිය හැකී. මා දකින ආකාරයට නම් දැනුම පෘතක්ජනයින්ගෙ නිර්මානයක්. එය හටගන්නෙ අනිත්‍ය නොදකින නිසා විය යුතුයි. දැනුම හටගන්නෙ පුද්ගලයින්ට සාපේක්ශව එනම් පුද්ගලයෙක් සිටිය යුතුයි. එනම් එම පුද්ගලයා මම කියා කෙනෙක් විශ්වාස කල යුතුයි. මම ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ශ මම ට දැනුම වේ. මම කියන සංකල්පය පවතින්නෙ පෘතක්ජනයින් තුල පමනයි. එනම් දැනුම කියන දේ සාදාගන්නෙ පෘතක්ජනයින් කියන කරුන සපත වෙනවා. එනම් සත්‍යය තුලින් බැහැරයි. එනම් ඕනම් දැනුමක් සත්‍යය නොවන බවට කෝටික තර්කනය ඔස්සේ තර්ක කල හැකී.

මෙසේ පුද්ගලානුභද්දව සදාගන්නා එකිනෙක පුද්ගලයන්ගේ දැනුම් වල එකතුවෙන් එකග විය හැකි සම්මුති වලට පැමිනි විට එය පුද්ගල පිරිසකගේ දැනුමක් බවට පත් වෙනවා. එනම් එය සමාජයක දැනුමක් බවට පත් වෙනව. සමාජයක දැනුකක් වීමට නම් ඉහත සදහන් කල ආකාරයේ එකගතාව ගැන සැලකීම ඉතා වැදගත්. උදාහරනයක් සලකමු. යමෙක් කොටයක් වාඩි වීමට භාවිතා කරාවි යයි සිතමු. එම සමාජයේම අනෙත් පිරිස කොටය වාඩි වීමට යොදාගත්තේ නම් එතන සම්මුතියක් හටග්ගන්නව කොටය යනු වාඩි වීමට යොදාගන්න උපකරනය කියා.
එහෙත් එම සමාජයේම සමහරෙක් එය උඩ නැගීමට යොදාගත්තේ නම් එහි විසංවාදයක් හටගන්නව මෙක වාඩි වීමට භාවිතා කර දෙයක්ද නැත්තං උඩ නැගීමට ගත් දෙයක්ද කියාල. එනම් සමාජයක දැනුමක් හටගැනීමට නම් (සම්මුතික දැනුමක්) එක විදියට සිතන පිරිසක් එකතු විය යුතුයි. නැතිනම් පිරිසක් එකතු වී එක විදියට සිතිය යුතුයි. එසේත් නැතිනම් වියහැක්කේ එක විදියට සිතන පිරිසක් එකතු වී අනෙත් පිරිසගේ සිතුවිලි අදාල රාමුව තුලට නතු කරගැනීමයි. එනම් ඉහත ක්‍රියාවලි දෙකෙහි මුහුම් වීමකි.

මා සිතන ආකාරයට නම් ශිශ්‍ටාචාරයක වීමට වඩාම සම්භාවිතාවක් ඇත්තෙ ඉහත කී දෙමුහුං ක්‍රියාවලියයි. එනම් යම් දැනුමකට අදාල සම්මත සිතන ආකාරයක් තිබිය යුතුය. එනම් චින්තන ධාරාවකි. ලංකාවෙ නම් එය සිංහල බෞද්ධ චින්තන ධාරාවයි.

දැනුම ලබාගන්නා ආකාර ගැන මදක් සලකමු. ඒ සදහා මම යන සංකල්පයට නැවත යා යුතුය. එනම් මට දැනෙන දේ මට දැනුමකි. එනම් මගේ ඉන්ද්‍රියන්ට ගෝචර දෑය. මාගේ ඉද්‍රියෙ ලෙස පංචේන්ද්‍රිය සහ මනස සැලකිය හැක. මට එම ඉන්ද්‍රිය හයට ගෝචර වන දේ පමන්ක් දැනුමක් උවත් ඊට වඩා ඉන්ද්‍රිය ඇති ජීවියෙකුට හෝ අඩුවෙන් ඇති ජීවියෙකුට දැනෙන ප්‍රත්‍යක්ෂ ඊට අඩු හෝ වැඩි විය හැක. එනිසා එක් දැනුමකට සාපේක්ෂව අනෙක බොරු හෝ සත්‍ය කීම අසාධාරණ ය.

අක්ශරවින්‍යාසයේ හා ව්‍යාකරණ වල අඩු ලුහුඩු කම් වලට සමාව බජනය කරමි.
-ඉසුරු මල්දෙණිය-

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/09/%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8/
Twitter20
Share20
2 votes