අප්පච්චී…

ගරා වැටී ගිය

කුඩා පැලේ අද

තනියට තනිකම

ඉකි බිදිත්දී

යකා වැව ලඟ

පැනලා දියබුං

ගැහුව කාලේ

තාම මතකයි

පොඩි සංදියේ

 

සරම ගෙන

කවා කැසපට

ඇවිද ගිය නියරේ

උරමතින්

අදත් ගුරු පාර ලග හිද

බලා හිදී  නුඹ

එනතුරා මං ඔහේ

 

වැහැරිලා ගිය මුත්

නුඹේ වත

තාමත් හයියයි හිත නුඹේ

ලැබුනොතින් ඉස්පාසුවක් අද හෙට

හනික දුවලා එන්නෙම්

මං ඔහේ

මද්දුමේ තාමත්

ආදරෙයි අප්පච්චී

වෙනදාටත් වැඩිය සැම දිනේ…..

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%93/
Twitter20
Share20
1 vote