නැවියන්ගේ රාජධානිය

අද කියන්න හදන්නේ පුංචි කතාවක්.

රජකෙනෙක් සහ වෙළඳ නාවුක පිරිසක් ගැන ලියපු පුංචි කතාවක් ගැන….

 

     එක්තරා රටක දක්ෂ රජකෙනෙක් හිටියා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු රජ කෙනෙක්. රජතුමා වෙළෙඳාමට ශූරයෙක්. තමන්ගේ රාජධානියත් ජනතාවත් දියුණු කළේ වෙනත් රටවලට වෙළඳාම් කර උපයාගෙන එන්නට පිරිස් යවලා. මේකට තිබුණා වෙනස්ම ක්‍රමයක්. වෙළඳ බඩු ගෙනිච්චෙ නැව් වලින්. රාජධානියෙ ඉන්න කාටත් නැවියන් වෙලා වෙළදාම ඉගනගන්නත්, දියුණු වෙන්නත් කියලා හිතලා හැමකෙනෙක්ටම වාර දෙකක් වෙළඳ සංචාරයක යෙදිලා තමාටත්, රාජධානියටත් උපයාගන්න රජතුමා අවස්ථාව දුන්නා. එ්ත් රටේ විවිධ පෙදෙස් වලින් නැවට බැඳෙන පිරිසට මුහුදේ යන මේ ගමන ගැන කිසි අදහසක් තිබුණේ නැහැ. ඉතිං එයාලාට මේ ගමනෙදි මඟ පෙන්වන්න කියලා කළිං වතාවෙ සංචාරය කරපු නැවියන්ට අාරාධනා කළා. එතකොට එක නාවික කණ්ඩායමක් මුලින් අාධුනිකයන් විදිහටත්, පසුව මඟපෙන්වන්නන් හැටියටත් සංචාර දෙකක යෙදෙන්න අවස්ථාව දීලා තිබුණා.

 

 

                                          මේ පිළිවෙත හරි පුදුම විදිහට සාර්ථක වුණා. තම රටේ විවිධ තැන්වලින් එකතුවෙන නැවියෝ පිරිසක් දුර මුහුද මැද්දේ දවස් ගණන් ගෙවාගෙන ගිහිං අර වෙළඳාම කරලා උපයාගෙන අායෙම තමන්ගෙ මවි රටට එනවා. මුහුදේ යන ගමන මේ නාඳුනන පිරිසට හරි දුශ්කරයි. එ් අයට සිතියමක් වත් කියවගන්න තේරුමක් තිබුණේ නැහැ. විවිධ තරා තිරම්වල අය ගමනට අැවිත් තිබුණා. සමහර අය ගොඩාක් අසරණ අය. මේ ගමනින් හරි දියුණුවෙලා ජීවිතයක් ගොඩනගා ගන්න හිතපු අය. තව සමහර දෙනා ලොකු ලොකු වෙළෙන්ඳු. එයාලට මුහුදු ගමන ගැන අදහසක් නැති වුණත්, එ් අය නිතරම අනිත් අයට වඩා ඉහළින් සිටින බව හිතාගෙනයි වැඩ කළේ. හැබැයි කළිං වෙළදාමේ ගිය නැවියන් මේ බව දැක්කා. මොකද එ් අයට‍ත් එහෙම අත්දැකීමක් තිබුණා. එයාලා දැනගෙන හිට්යා මේ ගමන මෙහෙම යන්න බැහැ කියලා. මුලින් මේ බව එ් අයට කියා දෙන්න හැදුවත් අනිත් අය අහන්න සූදානමක් තිබ්බෙ නැහැ. එන්න එන්නම අලුත් පිරිස අතර ප්‍රශ්ණ වැඩි වුණා. කවුරුත් හිතුවේ අනිත් රටට ගිහිං වෙළදාම් කරලා රන් කාසි හොයාගන්න එක ගැන විතරයි. ඉතිං එයාලට පෙනුණේ අනිත් හැමෝම තමන්ගේ තරගකරුවන් වගේ. සමහරු වෙළඳාම් කරන්න ගියේ මැටි බඳුන්, සමහරු අරන් ගියේ අැඳුම්, තව සමහරු පබලු, වීදුරු, අභරණ වගේ වටිනා දේවල්. මේ අයට ඕන වුණේ තමන්ගේ බඩු ටික අාරෂිතව මුහුද මැද්දෙන් අරං ගිහිං අනිත් රටේදී වැඩි මිලට විකුණාගන්න. එ් හිංදා පලපුරුදු නැවියන් කොච්චර කිව්වත් එ් දේවල් මේ අය කනකට ගත්තේ නැහැ. අන්තිමේට මේ ගමන යන අතර මේ නැව එක දවසක් මහා කුණාටුවකට අහු වුණා.

 

 

                                           හැමදෙනෙක්ම ගොඩක් කලබල වුණා. කවුරුත්ම මෙහෙම දෙයක් ගැන හිතුවේ නැහැ. එ් වෙලාවේ පලපුරුදු නැවියන් හැමෝම ඉස්සෙල්ලම කළේ තමන්ගේ අාරක්ෂාවට නැව අැතුලට ගිහිං අගුළු දා ගනිපු එක. දැන් අර වෙළඳුන්ට කරගන්න දෙයක් නැහැ. නැව කුණාටුවට අහුවෙලා. දිගටම මෙහෙම ගියොත් වෙළඳාම තියා දිවි ගලවාගන්නවත් නොලැබෙන බව තේරුණා. අර පුරුදු නැවියන්ට කතා කරලා කෑගැහුවත් එ් කවුරුවත් උදව්වට අාවේ නැහැ. එ් වෙලාවේ නැවේ රුවල් අකුලන්න, නැව හරවන්න, පිරෙන වතුර ඉවත් කරන්න වැඩ ගොඩයි. එ් අතරේ නැවේ ඉන්න අනිත් අය එක එකා මුහුදට විසිවෙන්න හදනවා.

 

 

කරන දෙයක් කාටවත් තේරුණේ නැහැ. අනිත් හැම දේම අමතක වෙලා කාටත් මර බිය දැනෙන්න ගත්තා. දිවි බේරගන්න විතරයි ඕන වුණේ. නැව බේරගන්නෙ නැතුව එයාලාට බේරෙන්න බැරි බව තේරුණා. කාගෙවත් උපදෙසක් නැතිව එ් අය ඉක්මනටම තම තමන්ට පුළුවන් විදිහට නැව බේරගන්න උත්සහ කළා. සමහර අර අසරණ, දුප්පත් නැවියෝ පොහොසත් වෙළඳුන්ගේ බඩු මුහුදට වැටෙන්න යද්දි බේරගන්න උදව් කළා. එ් අයත් තමන්ගේ බඩු අමතක කරලා අනිත් අයගේ මැට් වළං, පරණ බඩු වගේ දේවල් රැක ගන්න උදව් කළා. හැමෝම එකතුවෙලා රුවල් කපලා, නැව එහේ මෙහේ වීසි වෙද්දි එක එක්කෙනා තදින් අල්ලගෙන කාවවත් නැවෙන් වැටෙන්නට නොදී තියාගෙන හිටියා.
                                 පැය ගානකට පස්සේ අර කුණාටුව නතර වුණා. එ්ත් දැන් නැව කොහේ යනවද කවුරුවත් දන්නේ නැහැ. රුවල් ඉරිලා. ගෙනා බඩුවලින් සමහර එ්වා මුහුදට බිලි වෙලා. හැමෝම හිටියේ දුකෙන්. එ් වගේම එයාලාට අර පලපුරුදු නැවියො ගැන ලොකු කේන්තියක් අාවා. අැයි එ් අය උදව්වට නාවේ කියලා. ටික වෙලාවකින් එ් අය අගුළු අැරගෙන එළියට එද්දි හැමෝම එ් අය දිහා බැලුවේ කේන්තියෙන්. සමහර අය එ් අයට දොස් කිව්වා. සමහර අය වන්දි ඉල්ලුවා වුණු විපතට. පලපුරුදු නැවියෝ හිනා වෙලා වටපිට බැලුවා. එ් අය දැක්කා අර වෙළෙන්දො අමාරු වුණ අසරණ නැවියන්ට උදව් කරනවා, දුක තුනී කරනවා.

 

නැති වුණ වෙළඳ බඩු වලට තමන්ගේ බඩු වලින් කොටසක් දෙනවා. අසරන නැවියොත් අර වෙළෙන්ඳුන්ගේ අමාරු අයට උදව් කරනවා. මේ වෙලාවේ අර පල පුරුදු නැවියෝ ඉරුණු රුවල් අායෙම හදලා, සිතියමත් දිග අැරලා, නැව දැන් තියෙන තැනත් යායුතු තැනත් අනිත් අයට කියා දීලා එ් අයට මඟ පෙන්වන්න ඉදිරිපත් වුණා. අන්තිමට දවස් ගානක් ගිහිං නැව ගොඩබිමට අාවා. අැවිත් හැමෝම ඉතුරු වුණ බඩු වෙළදාම් කරලා ලාභය හැමෝම බෙදාගත්තා. මොකද හැමෝම දැනගත්තා වෙලඳාම් කරන්න තියා ජීවත්වෙන්න ලැබුණේ එකමුතුව නිසා කියලා.
“අැයි ඔයාලා කුණාටුව වෙලාවේ මුකුත් නොදන්න අපිව තනි කරලා පහළට ගිහිං අගුළු දාගෙන හැංගුණේ….”
එක අාධුනික නැවියෙක් අහංකාර කමට අායෙම මව් රටට යන අතරේ අැහුවා. කාටත් මේ ගැන දැනගන්න වුවමනා වෙලයි තිබුණේ.
“එන්න පහලට යන්න. ලබන සැරේ ඔයාලා යද්දි මේක දැනගෙන ඉන්න එපැයි.”
පරණ නැවියෝ අනිත් අයව පහලට එක්ක ගියා.
එතකොට කාටත් දකින්න ලැබුණේ දිග ශාලාවක්. එහි දෙපැත්තෙන් අසුන් ගන්න පුලුවන් කොටසක් සහ විශාල හබල් රැසක් තිබුණා.
“අපි උඩට අාවා නම් නැව පෙරලෙන්න තිබුණා. අපි පහලට අැවිත් නැව් තට්ටුවෙ බර අඩු කරලා, මේ හබල් වලින් වතුර එක්ක ඔට්ටු වුණා නැව පෙරලෙන්න නොදී තියාගන්න”  එක් පරණ නැවියෙක් කරුණු පැහැදිලි කළා.
                        එවිට අර අාධුනික නැවියන්ට මේ අය ගැන ලොකු හැඟීමක් දැනෙන්න ගත්තා. මේ විදිහට එ් අය සාර්ථකව තමන්ගේ ගමන නිමා කරලා රන් කාසිත් උපයාගෙන මව් බිමට අැවිත් වෙරලෙදි අවසන් වරට මුණගැහිලා එක එක්කෙනාට සමු දීලා වෙන්වෙන්න ගියා. පරණ නැවියන් අායේ සංචාරය කරන්නෙ නැහැ. එ් අයගේ ගමන් වාර දෙකම ඉවරයි. අාධුනික නැවියෝ අායේ දවසක යාවි තව පිරිසකට මග පෙන්වන්න.

 

ඔහොම කාලයක් ගියා. රජතුමාගේ රාජධානිය ගැන අනිත් රටවලටත් අාරංචි වුණා. මේ පාලනය ගැන බොහෝ දෙනා ප්‍රශංසා කළා. එ්ත් මේ දියුණුව බලා ඉන්න බැරි අයත් හිටියා. එ් අය හැදුවේ මොනයම් හෝ ක්‍රමයකින් මේ ක්‍රමවේදය බිඳ දාන්නයි. රජතුමාට ඔහුන් විවිධ පිරිස් ඔස්සේ අාරංචි පැතිරුවා. නැවියන් රජුව රවටා වැඩිපුර අාදයම් ලැබ, අඩු අාදායමක් පෙන්වා ලාභ ලබන බව. පරණ නැවියන් අලුත් අයට උගන්වා රජු රවටන බව රජුට දැනෙන්නට සැලස්වුවා. කොතරමි ලාභ ලැබුණත් රජුට මේ ගැන සැක හිතුණා. එම නිසා රජු තීරණය කළා වරක් ගිය පුරුදු නැවියන් යළි සංචාරයකට එක් කර නොගන්නා බව.
එහෙම හිතලා රජු නියෝගයක් ලාබා දුන්නා නාවුක ගමනකට එක් අයෙකුට යන්නට හැකි එක් වරක් විතරයි කියා.

 

 

නමුත්  පුරුද්දක් නැති අය නාවුක ගමනට යැවීම අවදානම් බව දැන එ් අයට යන්නට පෙර ගොඩ බිමේදී පුහුණු සැසියක්ද ලබා දුන්නා. එ්ත් නාවුකයන්ගේ ඔලුවේ තිබුණේ වෙළඳාම විතරයි. ඉතිං එ් නැවත් වෙළඳාම් රැගෙන යන්න ගියා. එ් නැවත් අතර මගදී කුණාටුවට හසු වුණා. කොයි කාටත් පුහුණු සැසිය මතක් වුණත් කාටත් එ්ක කරගන්න බැරි වුණා. කුණාටුව වෙලාවෙත් එ් අය තම තමන්ගේ බඩු රැක ගන්න දැඟලුවා. අවසානයේ නැව කුණාටුවට හසු වී මුහුදුබත් වුණා.
රජතුමා මේ බව අාරංචි වූ වහාම පුහුණු සැසිය දියත් කළ පිරිසට දඬුවම් කර වෙනත් පිරිසක් ඊට යෙදවුවා. යළිත් නැවක් පිටත් කළා. එයටත් පෙර නැවට වඩා දුර යන්න ලැබුණේ නැහැ. ඉතිං රජු යළිත් අර පිරිස මාරු කළා. මේ විදිහට කාලයක් යන තුරුත් දිගන් දිගටම මෙයම සිදුවුණා. අවසානයේ වෙළඳාම කඩා වැටී රට වැසියන් රජුට දැක්වූ ගෞරවයද නැති වුණා. කලක් යන තුරුත් රට රටවල් අතර ප්‍රශංසා ලැබූ සශ්‍රීක රාජධානියක් කිසිදා හිස නොඑසවෙන තැනකට වැටී විනාස වී ගියා….

” තුන් අවුරුද්දක් පුරා පැහැසර හා ලියූ ලිපි කියවූ, අදහස් දැක්වූ සැමට ස්තූතියි. මේ අවසාන ලිපියත් සමගින් පැහැසරින් සමුගන්නට අවසරයි…!”

Short-story by

– Dhanushka Sanjaya –

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/06/%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/
Twitter20
Share20
1 vote