“Ooho” කන්න පුළුවන් වතුර

“ජලය” අපි හැමෝම දන්නෙ හැඩයක් නැති ගලා යන්න පුලුවන් තරලයක් විදියට. ඒ වගේම තමයි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ ‘වතුර බොනවා’ කියලා. ඒත් අද කියන්න යන්නෙ වෙනස්ම කතාවක්. ඒ තමයි ‘කන්න පුලුවන් වතුර’.

ජලය අනුභව කරන්න පුලුවන් කියල කෙනෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ පිළිබඳ Skipping Rock Labහි නවතම පර්යේෂණය ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

 

 

“Don’t recycle water bottle, eat them instead’

WIRED

කවුද මේ Skipping Rock Lab?


Skipping Rock Lab කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදනම් කරගත් නවතම ඇසුරුම් නිෂ්පාදන ස්ථානයක්. මෙය ඉම්පීරියල් විද්‍යාලය තුළ පිහිටා ඇති අතර යුරෝපීය නවෝත්පාදන හා තාක්ෂණික ආයතනය හෙවත් EIT හි විද්‍යාත්මක කණ්ඩායමක් විසින් අරඹනලද Climate KIC Start-up acceleration වැඩසටහනේ කොටසක්.

එහිදී මුහුදු පැලෑටි වලින් ලබාගත් ස්වභාවික ද්‍රව්‍ය පරිසර හිතකාමි ඇසුරුම් ලෙස නිර්මාණය කිරීම සිදුකෙරෙනවා.

ප්ලාස්ටික් බෝතල් / කෝප්ප / පිගන් සඳහා අපද්‍රව්‍ය නොවන විකල්පයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික ඉලක්කයයි. Skipping Rock Lab හි මූලික දැක්ම නම් මුහුදු පැළෑටි පදනම් කරගත් ඇසුරුම්කරණයේ ප්‍රමුඛයා බවට පත්වීමයි. මෙවැනි නිෂ්පාදනයක් සදහා ඔවුන් යොමුවීමෙන් බලාපොරොත්තු වනුයේ වාර්ෂිකව සාගරයට එක්වන බිලියනයක් පමණ වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය නතර කිරීම හා නිපදවෙන කිලෝග්‍රෑම් මිලියන 300ක පමණ CO2 නතර කිරීමයි.

“Drunk your water? Now eat the bottle it came in”

The Telegram

මොකක්ද මේ Ooho?

Skipping Rock Lab විසින් හදුන්වාදෙන ඔවුන්ගේ පළමු නිර්මාණය තමයි Ooho කියන්නෙ. එය Water-on-the-go වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් සිදුකරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ජලය, සිසිල්බීම, ස්ප්‍රීතු හා ආලේපන වැනි දෑ ඇසුරුම් කල හැකි සුනම්‍ය ගෝලාකාර ඇසුරුමක් තමයි Ooho. 

 

“The edible water blob could replace plastic water bottles”

TIMES

Ooho කියන්නෙ 100%ක්ම පැල හා අතු වැනි (මුහුදු පැලෑටි) ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් නිපදවන ලද්දක්. පළතුරු කැබලි කල්තබා ගන්නවා මෙන් මෙහිදීද එම පැලෑටි සති 4-6ක කාලයක් බැක්ටීරියා නාශනය කරමින් තබාගන්නවා. Ooho නිපදවීමේදී අවශ්‍ය නම් ආහාරයට ගත හැකි රසකාරක හා වර්ණක යොදාගන්නටද පුලුවන්. ආයු කාලය දින කිහිපයක් වන්නේ එහි නැවුම්බව ආරක්ෂා කරගැනීම සදහායි. Ooho නිසා CO2 නිපදවීම පස්ගුණයක් පමණ අඩුවන අතර ශක්තිය හා PET (Polythene Terephthalate) නිසා වන හානිය නවගුණයකින් පමණ අඩුවනවා. Ooho සැබවින්ම ප්ලාස්ටික් වලට වඩා ලාභදායී වන අතර පරිසර හිතකාමී බවින්ද ඉහළයි.

ඉතින් පරිසරය ප්ලාස්ටික් වලින් තොරව සුරක්ෂිත කිරීමට නම් Ooho කියන්නෙ සැබැවින්ම කදිම පිළියමක්.

එහෙනම් ජලය අනුභව කරන්න අනාගතයේදි ඔබටත් අවස්ථාවක් හිමිවේවි.

 

Reference : http://oohowater.com

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/04/ooho-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb/
Twitter20
Share20
0 votes