ෆේස්බුක් ගැන නොදත් කරුණු

 

 

“ෆේස්බුක්” කියන්නේ අද වෙන විට අපි හැමෝම භාවිතා කරන සමාජ ජාලයක්. මේ වන විට ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් සොයා ගන්න බැරි තරම්. ඒ නිසාම 2004 වර්ෂයේ ආරම්භ කෙරුණු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාලයක්. මේ වන විට ලොවපුරා ෆේස්බුක් පරිශිලකයන් ආසන්න වශයෙන් බිලියන 2ක් පමණ සිටිනවා. නමුත් ෆේස්බුක් ගැන ඔබ බොහෝ දෙනා නොදන්නේ යැයි සිතන අපුරු කරුණු කිහිපයක් ගැන විස්තරයි මේ.

අරම්භක වර්ෂයක් සොයා ගත හැකි මුල්ම සමාජ ජාලය තම‍යි 1994 වර්ෂයේ ආරම්භ වූ ක්ලාස්මෙට් (classmates.com) කියන්නේ. කෙසේ නමුත් මාර්ක් සකර්බර්ග් විසින් ආරම්භ කෙරූ ෆේස්බුක් මේ වන විට සියලුම සමාජ ජාල අභිබවා ඉදිරියටම පැමිණ තිබෙනවා. ෆේස්බුක් සඳහා ඩොලර් 500,000 ක මුල්ම අයෝජනය සිදු කරේ PayPal හි සම-නිර්මාතෘ පීටර් ටීල්(Peter Thiel) විසින්. ෆේස්බුක්  හි ප්‍රාථමික වර්ණ සංයුතිය නිල් පැහැති විමට මුලික හේතුව වී ඇත්තේ මාර්ක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළිමයි. මීට අමතරව ස්වකීය පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමට ස්වේච්ඡාවෙන් සහභාගී වන පුද්ගලයින්ට අත්‍යවශ්‍යය වූ සංකල්ප දෙකක් වන විශ්වාසය හා ආරක්ෂාව සමඟ තදින් බැඳී ඇති වර්ණයක් ලෙස නිල් පැහැය විශ්වාස කිරිමත් මේ සඳහා තවත් හේතුවක්. ෆේස්බුක්  හි ප්‍රධාන අංගයක් වන  “Like” button එක ෆේස්බුක් ඉන්ජිනේරුවෙක් වන ඇන්ඩෲ බොස්වර්ත් හා අනෙකුත් ඉංජිනේරුවන් විසින් මුලින්ම “Awesome” button ලෙස එකතු කරත් සකර්බර්ග් විසින් එය 2007 දී  “Like” button ලෙස වෙනස් කරනු ලබනවා. ෆේස්බුක්හි පලවූ පළමු මුහුණ වනුයේ ද්විමය කේතයන්ගෙන් යුත් මිනිසෙකුගේ මුහුණකි. පලමුව එම මිනිසාගේ අනන්‍යතාව පැහැදිලිව සොයා ගත නොහැකි වුවත් එය ප්‍රසිද්ධියට පත් වූ නළුවෙකු වූ අල් පැසිනෝගේ (Al Pacino) පෙනුම බව පසු කාලීනව අනාවරණය විය. ෆේස්බුක් අඩවිය තුල සියළුම සේවාදායකයන්ගේ දත්ත PETABYTES 300 ක් පමණ ගබඩා කර ඇත. PETABYTE 1 ක් තුළ GIGABYTES මිලියන 1 ක් ඇත. එමනිසා මෙය ලොව විශාලම දත්ත ගබඩාවක් ලෙස සැලකිය හැකිය. ෆේස්බුක් අඩවිය තුල සෑම තත්පරයකදීම නව ගිණුම් 5ක් පමණ නිර්මාණය වන බව දල වශයෙන් ගණන් බලා ඇත. මීට අමතරව සෑම තත්පර 60ක් තුලදීම comments 510,000ක් , statuses 293,000ක්  සහ photos 136,000ක් පමණ ගිණුම් හිමියන් විසින් ෆේස්බුක් අඩවිය තුලට එක් කරන බවට ගණන් බලා ඇත. කෙසේ වුවත් මේ වන විට ෆේස්බුක් අඩවිය තුල මිලියන 83 ක් පමණ වු ව්‍යාජ ගිණුම් අඩංගු බවද සදහන් කල යුතුමයි.

හොඳට නරකට දෙකටම නවීන තාක්ෂණය හේතු වෙනවා කියන කතාව ෆේස්බුක් වලටත් පහසුවෙන්ම අදාළ කර ගන්න පුලුවන්. දැනට සොයාගෙන ඇති පරිදි ෆේස්බුක් ඔස්සේ කිහිපාකාරයකට අපරාධ සිදුවෙනවා. යම් පුද්ගලයකුගේ නමින් අසත්‍ය ගිණුම් තනා අනන්‍යතාව සොරාගැනීම,අපහාස කිරීම සහ බාධාවන් සිදුකිරීම ෆේස්බුක් අපරාධ ගණයට වැටෙනවා. තවත් ආකාරයක් වන්නේ වංචා ක්‍රියාවන්. යම් තිළිණයක් දිනා ඇති බවට ෆෙස්බුක් ඔස්සේ ලැබෙන පණිවුඩවලට පිළිතුරු දක්වන්නට යාමේදී එම තිළිණය හිමිකර ගැනීමට පුද්ගලික තොරතුරු ඇතුලු කර ගැනිමෙන් මේ ආකාරයේ වංචා අපරාධ සිදුවෙනවා. එසේම තවත් ගැටළුවක් වන්නේ වෙනත් ෆේස්බුක් ගිණුම්වල තොරතුරු හොරකම් කිරිමයි. මේ නිසා මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීම් ලොව පුරා අධිකව සිදුවෙනවා. ඒ වගේම තර්ජනාත්මක පණිවුඩ යැවීමත් අපරාධයක් ලෙසයි සලකන්නේ. මෙවැනි හේතුන් නිසාම උතුරු කොරියාව, චීනය, ඉරානය වැනි රටවල් කිහිපයක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සිය රට තුල තහනම් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම රටවල් තුල ෆේස්බුක් හා සමාන වෙනත් සමාජ ජාල පවතිනවා. ඉරානයේ “ක්ලූබ්”, චීනයේ “WeChat”, “Sina Weibo” මෙන්ම රුසියාවේ “VKontakte” මෙයට හොඳම නිදසුන් වේ. මීට අමතරව ඉන්දියාව, ඊජිප්තුව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි බොහෝ රටවල් මෙන්ම අප රට තුළද විවිධ හේතුන් නිසා දින කිහිපයකට ෆේස්බුක් වාරණයට ලක් වී ඇති බවද සඳහන් කළ යුතුය.

අන්තර්ජාලය ඇසුරෙනි.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/04/%e0%b7%86%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94/
Twitter20
Share20
1 vote