පුතුනේ මෙහි ඇවිත් යන්නට එනවාද ?

දසමාසයක් තමන්ගේ කුසේ තියාගෙන අප්‍රමාන දුක් විදලා තමන්ගේ ආදරණිය දරු පැටියට ජීවිතය දීලා. තමන්ගේ ලේකිරි ටික පොවලා අපිව උස් මහත් කරන ආදරණිය අම්මල බොහොමයකට ඒ දරුවන්ගේ කරදඩු උස් මහත් උනාම එයාලගේ අම්මලට ඉන්න හොයාල දෙනවා හරි අපුරු තැනක් ඒ තමයි වැඩිහිටි නිවාසය. එතන තනිවෙන අහිංසක අම්මගේ දුක් ගැනවිල්ල හදවත කම්පා කරවනවා එත් එය අසන්නට පුතාල දුවල ඒ ය ලග නෑ. කොහේ හරි ඉදන් ඔබ දැක්කොත් මේ දුක් ගැනවිල්ල ටිකක් හරි තෙතමනයක් තියනවනම් දුවලා එන්න එයාල ගාවට ඒ පිනම ඇති ඔබට ඒ ඇස් සතුටු කරන්න.

එක සිහිනයක් එක් මොහොතක බොදව ගියා
ලේ කිරි කර පෙවූ මගෙ පොඩි පුතු වෙන්ව ගියා
පුතු ලොකු කරන්නට කලකීදේ වතුරේ      ගියා
දින සති ගෙවී මට මවත් නැතුව                   ගියා

තුරු හිස් උඩින් පෙනෙනා නිල් අහස දුරයි
ඒ අහසේ දිලෙනා තුරු එලිය              කලුයි
මග වැරදුනොත් එන්නට මට පාර    බයයි
මම ඉන්නා තැනට නුබ ඇති තැනත් දුරයි

පැතුමන් බිදෙයි රලගෙඩි සේ හැමදාක
දුක් වෙන දෑස නිදි නොලබයි හැම රැක
හෝ ගා හඩයි මහ සයුරත් හැම දාක
සිහිනෙන් ඇවිත් ආපසු යමි හැම රෑක

සසර පුරුදු ලෙස හමුවී වෙන්ව ගියා
පතා ආ ලෙසට කතාව ලියල ගියා
මට පමණක් මේ දුක් ගිනි දමා තියා
දෙන දෙය්යොත් දරුදුක මට දීලා ගියා

කදුලක් වැටෙයි හදෙහි සියුම් තත් බිදිලා
පැතුමක් බිදෙයි තුන් සිත් අසරණ විලා
සතුටක් නැසෙයි කුරුළු කුඩුවක් කැඩිලා
අඩුවක් තියෙයි මා අද මෙහි තනිවීලා

මගෙ පන නුබයි නුබ වෙනුවෙනි ජීවිතය
වෙන් කරලා දැම්මත් සැඩ          මාරුතය
නැති කරලා දැම්මත් මේ                ආදරය
සැනසුම නැතේ එදිනට මේ         ආත්මය

නිරතුරු සිටින්නෙමි මාවත දෙසම බලා
දිනයක ඇවිත් මා කැදැවැන් යාවි කියා
දින දින ගෙවී ඒ පැතුමන් බොදව ගියා
තාමත් සිතමි වෙනසට තතු ඇයිද කියා

මේ සිරගෙයි කඩුල්ල ලග දිවා රැයේ
මතුවෙවියි හුරු මුහුණක් ඇදුනු සිතේ
මුදවාගෙන මා ගෙනයාවියි සිතින් සිතේ
බලා ඉදල දැන් දෑසත් රැවටිලා තියේ

මට සිපගන්න ඔය කම්මුල් වල සුවද
මදකට අහන්නට වදනක් දෙසවනට
පුතුනේ මෙහි ඇවිත් යන්නට එනවාද
පෙර මතකයෙන් බිදුවක් සැනසී ඉන්ට

ඉඩක් දැන් නොමැති නිවසේ නිදන්නට
දිනයක් ලැබේ අවසරයකි නොගන්නට
සුදු සාරියක් බොරිචි අත් සදන්නට
මොහොතාක් ඒවි මට සලේ නිදන්නට

හතරැස් රියන් ගොක්කොල දා මල් කැටයම්
නුබේ අත්වලින් කෙරුවොතින් සිත් සැනසුම්
පිටුමන් කල නොහැක එදිනට මගෙ පැමිනුම්
නොහඩා සිටියෝතින් සදහට යමි නික්මම්

කුෂාන්ති විහන්ගනා
2014/2015 කණ්ඩායම

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/03/%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%91/
Twitter20
Share20
0 votes