රීඩ් හැන්දෑව 2018

සංගීතය, නර්තනය සමඟ ගෙවෙන තවත් සොඳුරු සැඳෑවක ඇරඹුමක් වනු වස් “රීඩ් හැන්දෑව 2018” ලෙසින් දිගහැරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන්ගේ කුළුදුල් කලා කුසලතා කළඑළි මංගල්‍යයයි.
මෙම ප්‍රසංගයේ මූලික අරමුණ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන්ගේ කලා කුසලතා එළි දැක්වීම සහ අගය කිරීමයි. බුද්ධාභිවන්දනා, වාණිවිලා වැනි සංස්කෘතික ප්‍රසංගවලදී දුටු අංගවලට වඩා වැඩි යමක් මෙහිදී දැකගත හැකිවනු ඇත. නව තාක්ෂණය සහ පරිගණක සමඟ ගැටෙන සිසු සිසුවියන්ගේ මනස එ්කාකාර බවින් මුදා ඔවුන්ට නැවුම් වෙනස් අත්දැකීමක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. කලා හැකියාවෙන් පිරිපුන් සිසු සිසුවියන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට වේදිකාවක් මෙතැන් සිට විවර වේ.
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කේ.පී. හේවාගමගේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිව් වසරක සහෝදරත්වය “රීඩ් හැන්දෑව 2018” සමඟ එක් වේ. නව තාක්ෂණික අංගවලින් සමන්විත, මෑතක දී විවෘත කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ප්‍රථම සිසු ප්‍රසංගය ද මෙයයි. “රීඩ් හැන්දෑව 2018” සුවිශේෂී වන්නේ මේ සියලු හේතු කාරණා නිසාවෙනි.
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ශිෂ්‍ය සංගමය හා සිසු සිසුවියන් එක් ව සංවිධානය කරන “රීඩ් හැන්දෑව 2018” ප්‍රසංගය 2018 පෙබරවාරි 15 වන දින පස්වරු 4.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒකාකාර ජීවිතෙන් මිදී, වෙනස් වූ සොඳුරු සැඳෑවක් ගත කරන්න ඔබත් එන්න, “රීඩ් හැන්දෑව 2018”ට…..

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/02/%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%91%e0%b7%80-2018/
Twitter20
Share20
0 votes