සසල දියේ රුව සොයා

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය හුදෙක් තාක්ෂණික අංශයක්ම පමණක් නොවේ. ක්‍රීඩා, කලා හා අනෙකුත් නිර්මාණ වැනි බොහෝ අංශවල හැකියාවන්ගෙන් යුත් බොහෝ පිරිසක් අප අතර සිටිනවා.

ධනුෂ්ක සංජය… අධ්‍යනායතනයේ 13වන කණ්ඩායමේ සිටින තවත් එවන් එක් සුවිශේෂි හැකියාවන්ගෙන් යුත් තරුණයෙක්. විටෙක ඔහු වැඩසටහන් ක්‍රමලේඛකයෙක්. තවත් විටෙක නිවේදකයෙක් සහ ලේඛකයෙක්. මේ සියල්ලටම වඩා ඔහු හොඳ සහෝදරයෙක්. මේ සියල්ල මෙසේ ගලා යන අතර ඔහු පන්හිඳත් අවියක් කොටගත් විද්‍යාර්ථියෙකු බවට පත්වී හමාරයි. සිය දිවියේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එළඹෙන පෙබරවාරි මස 21වනදා එනම් ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ඇස්.ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් සිය කුළුදුල් නවකතාව “සසල දියේ රුව සොයා” ග්‍රන්ථය දොරට වැඩුමට සියලු කටයුතු සූදානම් කොට හමාරය.

ජාත්‍යන්තර මව් භාෂා දිනය මූලික කරගනිමින් සිදුකෙරෙන මෙම කටයුත්ත හා සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ ශිෂ්‍ය සංගමය එහි සිසු සිසුවියන්ගේ සංවිධාන ශක්තියෙන් තවත් අපූරු සැමරුම් උපහාර උළෙලක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එහිදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට හා අනාගත පරපුර වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකළ සොඳුරු ශ්‍රී ලාංකිකයින්ට උපහාර සම්මාන ප්‍රදානය කිරීමක් සිදුකෙරෙනවා. මෙම සම්මාන උළෙල සඳහා භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රය, රංගන ක්ෂේත්‍රය, සංගීත ක්ෂේත්‍රය, තොරතුරු හා තාක්ෂණික ක්ෂේත්‍රය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රයන් සැලකිල්ලට ගැනෙනවා. එම ක්ෂේත්‍ර ඔස්සේ සමාජයට කලා වූ සේවාව වෙනුවෙන් තරුණ පරපුරෙන් පිදෙන උපහාරයක් ලෙස තෝරා ගනු ලබන විශිෂ්ටයින් පස් දෙනෙකු වෙත මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි.

නූතන තරුණ පරපුර සංවේදි හා නිර්මාණශිලී අාකල්පයන්ගෙන් යුතු ධෙෙර්යයවන්ත මිනිසුන් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් පැවැත්වෙන දේශන වැඩසහනක්ද මීට සමගාමීව සිදු කෙරෙනවා. සම්මානයට පාත්‍රවන ප්‍රවීණයින් සහ අාරාධිත කථිකයින් විසින් දේශන පවත්වනු ලබනවා. මෙම විද්වත් කථිකාව තුළින් ඔවුන් ජීවිතය ජයගත් අයුරු බාධක මතින් ගොඩනැගුණු අයුරු වැනි කාරණාවන් සම්බන්ධයෙන් අදහස් පළ කෙරෙනවා.

මෙම හේතු කාරණා නිසාවෙන්ම මෙම අනගි අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට අාධුනික කලාකරුවන් සහ විවිධ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, මාධ්‍ය පුහුණු අායතන වල තරුණ පිරිස් සහ පාසල් දරු දැරියන් වෙනුවෙන් වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබා දී තිබෙනවා.
විචිත්‍රවත් වූ ශ්‍රී ලාංකික ගැමි සහ සංස්කෘතික නර්ථනාංගයන්ගෙන් හැඩ ගැන් වෙන මෙම උත්කර්ෂවත් සන්ධ්‍යාව සඳහා නවක හා ප්‍රවීණ ගායක ගායිකාවන්, රංගන ශිල්පීන් හා ශිල්පිනියන්, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණකරුවන් රැසක් සහභාගීවීමට නියමිතයි.

සසල දියේ රුව සොයා The Launching Ceremony ලෙස නම් කොට අැති මෙම සුවිශේෂී උත්සවය 2018 පෙබරවාරි මස 21 වනදා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතන ශ්‍රවණාගාරයේදී ප.ව. 3.30 සිට පැවැත්වීමට සංවිධායක මණ්‌ඩලය තීරණය කර තිබෙනවා.

මෙහිලා සඳහන් කළ යුතු තවත් එක් වැදගත් කරුණක් තිබේ. එනම් නවකතාවේ අලෙවියෙන් කතෘවරයාට ලැබෙන අාදායම පිළිකා රෝගයෙන් පෙළෙන අපේම රටේ මිනිසුන් වෙනුවෙන් සහ අඩු ආදායම්ලාභි පවුල්වල සිටින අහිංසක හදවත් රෝගී දරුවන් වෙනුවෙන් වන අරමුදලකට යොමු කිරීමට හිතවත් සහෘද ධනුෂ්ක තීරණය තිබීමයි. එවැනි කුළුඳුල් නිර්මාණයක් තුළින් සිදුකෙරෙන මෙම සමාජ සත්කාරය සරසවියෙන් සමස්ත සමාජයටම ලබා දෙන මහඟු අාදර්ශයක් බව නිතැතින්ම කිව යුතුයි.

ඉදින් සසල දියේ රුව සොයා ඇදෙන අපේම සහෘද ධනුෂ්ක සංජය, ඔබට කොළඔ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය වෙනුවෙන් පැහැසර අපගේ උණුසුම් සුභ පැතුම්!

මෙම සුවිශේෂී සන්ධ්‍යාව නොමිලේම සියැසින් දැක බලාගැනීමට සසල දියේ රුව සොයා නිල ෆේස්බුක් පිටුවට පණිවිඩයක් යොමුකර ප්‍රවේශ අංකයක් වෙන්කරවා ගන්න.
https://www.facebook.com/sasala.diye.ruwa.soya/

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/01/%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f/
Twitter20
Share20
1 vote