රොබෝ ලෝකයට එක්වූ අලුත් සාමාජිකයා – SpotMini

ඔබ රොබෝ තාක්ෂණය පිළිබඳ අවධානයෙන් සිටින්නෙකු නම් Boston Dynamics ආයතනය පිළිබඳ අසා තිබිය යුතුයි. 1992දී ආරම්භ කළ මෙම ආයතනයේ වර්තමාන හිමිකාරීත්වය දරන්නේ SoftBank නම් සුප්‍රසිද්ධ ජපන් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ආයතනයයි.
2016 වසරේ ජුනි මස Boston Dynamics විසින් නිකුත් කරන ලද YouTube වීඩියෝවක් අන්තර්ජාලය තුල විශාල ලෙස කථාවට ලක් විය. සුනඛයෙකු ආකාරයට නිම කළ රොබෝවක් නිවසක් තුල ඇවිද යන ආකාරයත්, කෙසෙල් ලෙලි මත පැටලැවී හාස්යජනක ලෙස බිම් පතිත වන ආකාරයත් එහි දැක්වුනි. නමුත් 2017 නොවැම්බර් මස ඔවුන් නිකුත් කළ වීඩියෝවේ දැක්වුනේ වඩාත් වැඩි දියුණු කළ සුනඛයෙකු ආකාරයේ රොබෝවක් එලිමහන් බිමක දිව යන ආකාරයයි. කහ පැහැති පිටත පෙනුමකින් යුත් මෙම නව රොබෝ වඩා දියුණු පිටපතක් වන අතර මෙහි ක්‍රියාකාරිත්වයද වඩාත් සුමට ලෙස නිමවා ඇත. SpotMini ලෙස නම් කරන ලද රොබෝව නුදුරේදීම වෙළඳ පොලට නිකුත්වන බවද එම වීඩියෝවේ අන්තර්ගත විය. Boston Dynamics ආයතනය මෙම සුනඛයින් ආකරයේ රොබෝවන් නිපදවීම සඳහා පර්යේෂණ ආරම්භ කරනු ලැබුවේ ඇමෙරිකානු යුද්ධ හමුදාවෙන් ලද ඇනවුමකට අනුවය. යුධ බිමකදී මිනිසුන්ට ලඟාවීමට තරම් සුදුසු නොවන අනතුරුදායක ස්ථාන වලට ළඟා වීමටත්, අනතුරටපත්වූ සොල්දාදුවන් වෙතා අධාර සැපයීමටත් මෙවැනි රොබෝවක ප්‍රධාන අරමුණයි. නමුත් පසු කාලීනව Boston Dynamics සමාගම මෙවැනි රොබෝවක් තමන් සතු කරගැනීමට ආශාවක් දක්වන ඕනෑම අයෙකු සඳහා වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඉදිරි වසර තුල වෙලඳපොලට නිකුත් වන SpotMini නිවසක එලිමහන් බිමක හෝ කාර්යාලයක් තුල පහසුවෙන් හැසිරවිය හැකි වනු ඇත.
කිලෝග්‍රෑම් 30ක බරකින් යුක්ත වන SpotMini,සෙන්ටිමීටර 84ක පමණ උසකින් සමන්විතය. Boston Dynamis සමාගම දක්වන ආකාරයට SpotMini, කිලෝග්‍රෑම් 14 බරක් එසවීමට සමත් වේ. ත්‍රිමාන දර්ශන කැමරා පද්ධතියකින්ද (3D Vision System) සමන්විත වන මෙම රොබෝව බැටරි බලයෙන් ක්‍රියාත්මක වේ. වරක් ආරෝපනය කල පසු SpotMini, විනාඩි 90ක කාලයක් ක්‍රියාත්මක කල හැකි බව සමාගම පවසයි. වෙළඳපොලට නිකුත් කල පසු පාරිභෝගිකයාගේ අවශ්යතාවය අනුව SpotMiniට අමතර රොබෝ අතක්ද එක් කල හැකිවනු ඇත. සියලුම පාද විවිධ සංවේදක (Sensors) කිහිපයකින්ම සමන්විත වන අතර තමා ගමන්ගන්න භූමිය අනුව හැඩගැසීමට SpotMiniසමත්වනු ඇති. වැඩි දුරටත් Boston Dynamics සමාගම පවසන ආකාරයට ජපාන තාක්ශණයද එක් කරමින් නිර්මාණය කල SpotMini, මෙතෙක් ඔවුන් නිපදවූ වඩාත් අවම ශබ්දයක් සහිත රොබෝවයි.
මින් පෙර නිර්මාණය කළ Spot රොබෝවට වඩා සිත් ඇදගන්නා සුලු පෙනුමක් දක්වන SpotMini, නව තාක්ෂණයට ලැදි සියලු දෙනාගේ සිත් දිනාගනු ඇති බව Boston Dynamics සමාගමේ බලාපොරොත්තුවයි.

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/01/%e0%b6%bb%e0%b7%9c%e0%b6%b6%e0%b7%9d-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%96-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f/
Twitter20
Share20
0 votes