වැඩි දෙනෙකු නොදන්නා Opera වෙබ් බ්‍රව්සරය.

ඔපෙරා මෘදුකාංග සමාගම පලමු වරට තම ඔපෙරා බ්‍රව්සරය එලිදැක්වූයේ 1995 වසරේදීය. එතැන් පටන් වසර 22ක් ඇතුලත අන් සියලු සමාගම් වලට පෙර නව අංගයන්ගෙන් තම මෘදුකාංගය සන්නද්ධ කිරීමට ඔපෙරා සමාගම සමත් විය.

සිත් ඇදගන්නා සුළු සරල පෙනුමත් ආකර්ශනීය අංගෝපාංග වලින් සමන්විත වීමත් නිසා ඔපෙරා එහි රසිකයන් අතර ජනප්‍රිය වී තිබේ. ගූගල් ක්‍රෝම් සඳහා වෙළඳ දැන්වීම් වැලකීමේ වැඩසටහනක් (Ad block option) වෙනම එක් කරගත යුතු වුවද ඔපෙරා තුල එම විකල්පය මුල සිටම අන්තර්ගත වේ. එමෙන්ම ඔපෙරා තුල අඩංගු වන තවත් සුවිශේෂී අංගයක් වන්නේ “Opera turbo” විකල්පයයි. වේගවත් අන්තර්ජාල පහසුකම් නොමැති අවස්ථා වලදී මෙය ඉතා ප්‍රයෝජනවත් විකල්පයකි. මගින් විකේතනය නොකරන ලද (unencrypted) වෙබ් පිටු සම්පීඩනය (compress) කර අඩු දත්ත ප්‍රමාණයක් යොදා ගනිමින් වෙබ් පිටු බාගත කරනු ලබයි.විශේෂයෙන් ජංගම දුරකථන සඳහා මෙම පහසුකම වඩාත් ප්‍රයෝජනවත් වේ. ඔපෙරා සතු තවත් සිත් ඇදගන්නා සුලු විකල්පයක් වන්නේ පැති මෙනුව තුල අඩංගු Whatsapp සහ Messenger සම්බන්ධතාවයයි. ඔපෙරා තුල නොමිලේ ලබා දෙන VPN (Vertual Private Network) පහසුකම සහිත වන අතර, එම නිසා අන්තර්ජාලය තුල තම පුද්ගලිකත්වය ආරක්ශා කරගැනීම වඩා පහසු වේ. ඔබ ගූගල් ක්‍රෝම් භාවිත කරන්නෙක් නම් මෙම පහසුකම ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු වේ. මේ ලෙස ගූගල් ක්‍රෝම් තුල නොමිලේ අඩංගු නොවන පහසුකම් රැසක් ඔපෙරා තුල මුල සිටම අඩංගු වේ.

ඔපෙරා භාවිතයේ ඇති තවත් වාසියක්නම් අඩු බැටරි බලයක් වැය වීම සහ පරිගනකයේ වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නොවීමයි. පරිගනක භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ පරිගනකයේ ක්‍රියාකාරීත්වය අඩු වීම සහ බැටරි බලය වැඩි කාලයක් නොපැවතීමත් වේ. මේ සඳහා ඇති හොඳම විකල්පයනම් ඔපෙරා භාවිතා කිරිමයි.ඔපෙරා තුල අඩංගු “Battery saver” විකල්පය නිසා අන්තර්ජාලය භාවිතා කරන විට බැටරි වැය විය යුතු ආකාරය තීරණය කිරීම සඳහා භාවිතා කරන්නා වෙත අවස්ථාව ලබා දී තිබේ.

     නමුත් බොහෝ දෙනෙක් තවමත් ඔපෙරා ගැන අසා නැත්තේ ඇයි? 2017 ජුලි මාසය තුල අන්තර්ජාල භාවිතය පිලිබඳ W3schools වෙබ් අඩවිය මගින් පැවත්වූ සමීක්ෂන වාර්ථා වලට අනුව ඔපෙරා භාවිත කරන්නන් 1.2% පමණ වන විට 76.7% පමණ විශාල පිරිසක් ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය භාවිතා කර තිබේ. මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ අනෙක් බ්‍රව්සර් මෘදුකාංග තරම් විශාල වෙළඳ උපක්‍රම ඔපෙරා සමාගම විසින් භාවිත නොකිරීමයි. එමෙන්ම ඔපෙරා මුලින්ම වෙලඳපොලට නිකුත් වන විට එහි මිල අනෙක් මෘදුකාංගවලට සාපේක්ශව ඉහල වූ අතර, වඩා මිල අඩු බ්‍රව්සර් මෘදුකාංග පාරිභෝගිකයින්ගේ සිත් දිනා ගත්තේය. නමුත් පසුගිය වසර කිහිපය තුල ඔපෙරා මෘදුකාංගය වඩාත් වැඩි දියුනු වී ඇති අතර අන්තර්ජාල පරිශීලකයන් සඳහා විශාල පහසුකම් රැසක් සපයා දී තිබේ. ඔබ සොයන්නේ අඩු බැටරි බලයක් වැයවන සරල නිමාවකින් යුත් වෙබ් බ්‍රව්සරයක්නම් ඔපෙරා ඒ සඳහා හොඳ විකල්පයක් වනු ඇත.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2018/01/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-opera-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a/
Twitter20
Share20
0 votes