Core i7 අභිබවා පැමිණි Corei9 ( Mega tasking! )

පරිගණකය භාවිතා කරන හැමෝම වගේ අපේක්ෂා කරන දෙයක් තමයි අවම අවහිරතා ප්‍රමාණයකින් තමන්ගෙ කටයුත්ත සම්පූර්ණ කර ගැනීම. ඉතින් processor එක මේ කටයුත්තට විශාල දායකත්වයක් සපයනව. Intelසමාගමෙන් නිෂ්පාදනය කරපු Core i7 කියන්නෙ ටිකක් මිලෙන් අධික උනත් ඉහත අවශ්‍යතාවය හොඳින් ඉටු කරන්න සමත් වූ නිපැවුමක්.

නමුත් කාලයක් තිස්සෙ Intel සමාගමට තිබ්බ අවශ්‍යතාවයක් තමයි AMD සමාගමෙන් නිශ්පාදනය කරපු Threaddripper processor එකට හොඳ තරඟයක් දෙන්න පුලුවන් නිමැවුමක් එලි දැක්වීම. මේ අවුරුද්දෙ (2017) මැද භාගෙ පහු වෙනකොට Intel සමගම Core i9 processor එක වෙළඳපොලට නිකුත් කරමින් නැවතත් ඉදිරියෙන් ඉන්න සමත් උනා. නමුත් මුලින්ම කියන්න ඕනෙ Core i9 කියන්නෙ විශේෂ වැඩ ( Video editing , Content creation , Gaming..) සඳහාම නිශ්පාදනය කරපු මිලෙන් Core i7 වලටත් වඩා ඉතා අධික processor එකක්.

Core i7 වල තියෙන්නෙ උපරිම cores 8 ක් උනාට Core i9 වල cores ප්‍රමාණය 10 සිට 12, 14, 16 පහු කරන් 18 දක්වා විහිදෙනව. Threaddripper වල තියෙන්නෙ උපරිම cores 16 ක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ දේ තමයි Core i9 processor එක multi-threading පහසුකමෙනුත් යුක්ත වීම. ඒ කියන්නෙ උපරිම වශයෙන් එක පාරකට threads 36 ක් මෙහෙයවන්න පුලුවන්. නමුත් කනගාටුදායක කාරණය තමයි Core i9 එන්න කලින් තිබ්බ motherboard වල processor එක ස්ථාපනය කරන්න බැරි වීම. අවුරුදු 9 කට විතර පස්සෙ Intel සමගමෙන් Core i9 එලි දැක්වීමත් එක්ක processor architecture එකේ වෙනස්කම් කරන්නට සිදු වීම මීට හේතුවක්. Core i9 processor එකේ තියෙන්නෙ Skylake-X architecture එක.

සාමාන්‍ය පරිගණක භාවිතයෙ නිරත වෙලා ඉන්න ගොඩ දෙනෙක් Core i7 වලට වඩා හොඳ processor එකක් එයි කියල හිතුවෙ නැති වූවත් Core i9 පැමිණීමත් සමඟ එම අදහස වෙනස්වුනා. Moore’s Law අනුව සෑම අවුරුදු 2 ක් ඇතුලතම තාක්ෂණය දෙගුණයකින් දියුණු වෙනවා. එහෙමත් නැත්තන් දෙගුණයකින් සංකීර්ණ වෙනව. ලඟදිම Core i9 අභිබවා යන්න නිෂ්පාදනය නොකෙරුනත් නුදුරු දිනකදි තවත් මීට වඩා වේගවත් නිෂ්පාදනයක් එලිදැක්වීම නිශ්චිත වශයෙන්ම සිදු වන දෙයක්.

 

අන්තර්ජාලය ඇසුරිණි.

එස්. ලහිරු චන්දිම
2015/2016 කණ්ඩායම

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/12/core-i7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%b6%e0%b7%80%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-corei9-mega-tasking/
Twitter20
Share20
1 vote