22වන ශතවර්ශයේ මිනිසා එලන් මස්ක්

Space X, Solar City, Teasla inc., Hyperloop ඔබ නවීන තාක්ෂණය පිලිබඳ අවධානයෙන් සිටින කෙනෙක් නම් මේ ව්‍යාපෘති පිලිබඳ අනිවාර්යෙන් අසා තිබිය යුතුයි. ඒ සමගම කියවෙන Elon Musk නමත් ඔබ අසා ඇති. Elon Musk ගේ මූලිකත්වයෙන් මිනිස් ශිෂ්ඨාචාරයේ අනගත ගමන් මඟ වෙනස් කළ හැකි නිමැවුම් කිහිපයක්ම මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී. නමුත් වැඩි දෙනෙකු Elon ගැන අසා නැති දේ බොහෝයි.
Elon Reeve Musk උපත ලන්බන්නේ 1971 ජුනි 28 දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේදී Errol Musk සහ Maye Musk දෙමාපිය යුවලට දාවයි. එක් සහොදරයෙකු සහ සහෝදරියකගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා වන Elon, කුඩා කාලයේ සිටම පොත්පත් කියවීමට දැඩි නැඹුරුවක් දැක්වූ අයෙක් බව නොරහසක්. වයස අවුරුදු 12 වන විට තනිව පරිගණක වැඩසටහන් නිර්මාණය ඉගෙනගත් Elon, Blaster නමින් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට සමත් වුනා. බොහෝ දෙනෙකු Elon ගැන නොදන්නා තවත් කරුණක් නම් ඔහු කුඩා කල පාසලේදී විවිධ තාඩන පීඩන වලට ලක් වූ අයෙකු බවයි. වයස 18 වනවිට ද්විතීයික අධ්යාපනය නිමා කළ Elon, පුරවැසිභාවය ලබා කැනඩාවට සංක්‍රමනය වූවා. Elonගේ පලමු සමාගම වශයෙන් සැලකෙන්නේ Zip2 නම් අන්තර්ජාල යෙදවුම් නිර්මාණය කිරීමේ සමගමයි. 1995 දී නිර්මාණය කළ Zip2 සඳහා ප්‍රධාන හවුල්කරුවා වූයේ Elonගේ බාල සහොදරයා වන Kimbal Musk. නමුත් Elon පළමු වරට සාර්ථකත්වයක් ලබාගන්නේ ඔහුගේ x.com සහ Paypal යන සමාගම් නිසායි. අන්තර්ජාලය හරහා වඩාත් සුරක්ෂිත මුදල් ගනුදෙනු සඳහා නිර්මාණය කළ Paypal, අද දින වන විට Amazon, Ebay වැනි සමාගම් වල ගනුදෙනු සඳහා බහුලව භාවිතා වන බව කවුරුත් දන්නා කරුණක්.

මෘදුකාංග නිර්මාණයට පමණක් සීමා නොවන Elonගේ හැකියාවන් එලිදක්වන මීලඟ නිර්මාණය වන්නේ SpaceX ව්‍යාපෘතියයි. අඩු වියදමක් සහිත අභ්‍යවකාශ ගමන් සහ අඟහරු ග්‍රහලොව මිනිස් ජනාවාස බිහි කිරීමේ අභිලාෂයෙන් 2001දී ආරම්භ කළ SpaceX වැඩසටහන බොහෝ දෙනාගේ උපහාසයට ලක් වුවත් අද වන විට එහි සීඝ්‍ර දියුනුව, මිනිස් ශිෂ්ටාචාරයේ අනගතය තීරණය කර අවසන්. මුල් කාලීනව අඟහරු මත හරිතාගාර තුල ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේශණ සිදු කල SpaceX ව්‍යාපෘතිය අද වනවිට අභ්‍යවකාශ මෙහෙයුමක් දක්වා වර්ධනය වී තිබේ. Elon පවසන ආකරයට 2030 – 2040 දශකය තුල මිනිසා තම නව නිවහන ලෙස අඟහරු ග්‍රහලොව ජනාවාස කරනු ඇති. වඩා කාර්යක්ෂම විදුලි මොටර් රථ නිපදවීම සඳහා මීලඟට තම අවධානය යොමු කල Elon, 2003 වසරේදී Tesla සමාගම ආරම්භ කරනු ලැබීය. අද වන විට Tesla සමාගම මිලියන 800ක පමණ ශුද්ධ වටිනකමකට හිමිකම් කියනු ලබයි. 2012 වර්ශයේ එලිදක්වනු ලැබූ Tesla Model S මොටර් රථය එහි වඩාත්ම සාර්ථක නිර්මාණය ලෙස සැලකේ. අඩු වියදමකින් වඩා වේගවත් ප්‍රවාහන ක්‍රමයක් අති කිරීමේ අරමුණින් Elon Musk ආරම්භ කළ සමාගමක් ලෙස Hyperloop සැලකිය හැකියි. තවමත් පර්යේෂන මට්ටමේ පවතින මෙම ව්‍යාපෘතිය අවසන් කල පසු පූර්ණ ලෙස කෘත්‍රිම බුද්ධිය මගින් පාලනය වනු ඇති අතර, Elon Musk පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය SpaceX සමග එක් කිරීමටද සැලසුම් සකස්ව පවතී. 2014 වසරේදී Elon ගේ අවදානය යොමු වූ තවත් ව්‍යාපෘතියක් වන්නේ SolarCity වැඩසටහනයි. සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලොව ප්‍රධාන නගර සම්පූර්ණයෙන් බලගැන්වීම මෙහි අරමුණයි. Elon පවසන ආකරට ඉදිරියේදි SpaceX, Tesla සහ Hyperloop වැනි සියලුම ව්‍යාපෘති සඳහා මගින් බලය සැපයෙනු ඇති. විදුලි මොටර් රථ සඳහා ලබගත් Patent අයිතිය නොමිලේ නිකුත් කල Elon පවසා සිටින්නේ ලොකයට යහපතක් වන නිර්මාණ තනි අයිතියට තබා ගැනීමට තමාට අවශ්‍ය නැති බවයි.
මීට දශකයකට පමණ පෙර සංකල්ප ලෙස පැවති බොහෝ නිමැවුම් සැබෑ ලෙසම බිහි කිරීම සඳහා තම කාලය වැය කල Elon පවසන්නේ යමක් කිරීමට ඔබට දැඩි ලෙසම වුවමනා නම් කුමන බාධා පැමිණියත් එය කල යුතුම බවයි. තම පුද්ගලික ජීවිත්යේදී එතරම් සාර්ථකත්වක් ලබා නොගත් Elon තෙවරක් විවාහ වීමෙන් සහ දික්කසාද වීමෙන් පසුව වර්තමානයේ තනිව ජීවිතය ගතකරයි. Elon Musk ආරම්භ කල ව්‍යාපෘති වලින් ඵල නෙලා ගැනීමට කොතෙක් කලක් ගත්වේදැයි තවමත් නිශ්චිතව කිව නොහැකිය. කේසේ වෙතත් අනගතයේ මිනිසා අභ්‍යවකාශ ජය ගන්නා විට Elon Musk නාමය නොමැකී පවතිනු ඇති.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/12/22%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b6%ad%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%91%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8/
Twitter20
Share20
1 vote