තොපියි වන සත්තු මේ මිහි මත
හුස්ම දෙන ගහ කොළ
කප කපා මඩිය තර කරගෙන
වැව් අමුණු ටික ලොප් කළ
තොපියි වන සත්තු මේ මිහි මත
එළිය නොදැකපු ඇස්වල
කඳුළු කැට නොදකින
අමු අමුවේ දල කපන් අරගෙන
පුච්චලා වල දාපු අලි කඳ
තොපියි වන සත්තු මේ මිහි මත
පන්සලක් දුටුවිට
යසට පෙනුනේ නිධන් තට්ටුව
දැක්කේ නෑ බුදු ගෙය
ගරා වැටිලා පිළිමේ ගාවම…