IEEE WIE GIT Session

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ IEEE WIE ශිෂ්‍ය ශාඛාවේ මෙහෙයවීම යටතේ සෑම වසරකම පවත්වාගෙන යනු ලබන උසස්පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය(A/L GIT Exam) අරමුණු කර ගත් සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් පරිච්චේදයක් දිග හරිමින් පසුගිය සැප්තැම්බර් මස 13 වන දින ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ උසස් පෙළ සිසුන් සදහා සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.

උසස්පෙළ සදහා වාණිජ හා කලා විෂයන් පමණක් ඇති මෙම පාසලේ උසස්පෙළ සිසුන් 60ක පමණ සහාභාගීත්වයක් දක්නට ලැබුණි. සම්මන්ත්‍රණය ආරම්භයේ සිටම මේ සදහා මහත් ඇල්මක් දක්වමින් ඔවුන් මේ හා සම්බන්ධ විය.  සම්මන්ත්‍රණය සංවිධානය ආරම්භයේ සිටම පාසලේ විදුහල්පති Bro. R. Joseph Jeyakanthan තුමා ලබා දුන්නේ නොමද සහයෝගයකි.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ සිසුන් 15 ක පමණ සහභාගිත්වයෙන් මෙය  පැවැත්වූ අතර එහිදී ඔවුන් විසින් සාදන ලද පළමු පත්‍රය හා දෙවන පත්‍රය ආදී වශයෙන් ආකෘති ප්‍රශ්න පත්‍ර 02ක් විස්තර සහිතව සාකච්ඡා කරන ලදී. මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ සිසුන්ගේ අදහස අනුව එය ඔවුන් හට විභාගයට මුහුණදීමට මහත් පිටිවහලක් වනු ඇති අතර දැනුම වැඩි දියුණු කිරීමටද ඉවහල් වූවකි. සම්මන්ත්‍රණයෙන් අනතුරුව ඒ පිළිබඳව ස්තුතිය  පළකර එම පාසලේ විදුහල්පතිතුමන් විසින් ස්තුතිය පළකර පණිවූඩයක්ද යොමු කර තිබුණි. එමගින් එතුමන් දැනුම් දී තිබුනේ මෙය විෂය පථය තුල ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට ඉතාමත් වටිනා සම්මන්ත්‍රණයක් වූ බවට පාසලේ සිසුන් අදහස් දැක් වූ බවයි.

අගනා පරිශ්‍රමයක් දරමින් තම කාලය ශ්‍රමය වැය කරමින් පරිගණක ක්ෂෙත්‍රය ආශ්‍රිතව පාසල් සිසුන්ට තිබූ අල්ප දැනුම පුළුල් කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ සිසුන්ට හැකිවිය.

මෙම සම්මන්ත්‍රණය තවත් එසේ දැනුම සොයා එන්නා වූ සිසුන් හට අතහිත දීමේ එක් පියවරක් පමණි.

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/10/ieee-wie-git-session/
Twitter20
Share20
1 vote