CloudHack’17

UCSC හි IEEE ශිෂ්‍ය ශාඛා ඉතිහාසයේ කැපී පෙනෙන තවත් එක් පරිච්ඡේදයක් දිග හරිමින් CloudHack’17 ඉතා සාර්ථක ලෙස අගෝස්තු මස 13 වන දින UCSC පරිශ්‍රයේදී අවසන් විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ IEEE ශිෂ්‍ය ශාඛාව Google Developer කණ්ඩායම හා සහයෝගීව සංවිධානය කරන ලද මෙම වැඩසටහන විවෘත කිරීමේ උත්සවය අගෝස්තු 12 වන දින මහාචාර්ය කේ.පී. හේවාගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 9ට පමණ ආරම්භ විය. මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූයේ සැබෑ ලෝකයේ නිමවුම් නිර්මාණයේදී හා පරිගණකමය අවශ්‍යතාවන් සහිත විසදුම් සැකසීමේ ප්‍රබල මෙවලමක් ලෙස Cloud Computing යොදාගැනීමේ අවශ්‍යතාවය පිළිඹිඹු කිරීමයි.

මෙය පැය 24කින් සමන්විත වූ Hackothon තරඟාවලියක් වූ අතර තරඟකරුවන් 4දෙනෙකුගෙන් සමන්විත වූ අයදුම්කල කණ්ඩායම් අතරින් තෝරාගත් කණ්ඩායම් 10ක් තරඟය සදහා සහභාගී විය.
තවද මෙම අවස්ථාව සදහා Millenium IT සහ Pulse Solution ආයතන අනුග්‍රහය දැක් වූ අතර UCSC පැහැසර විසින් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.
මෙම අභියෝගය මගින් විශ්වවිද්‍යාලය සිසුන් හට Cloud Computing පිළිබද ප්‍රායෝගික යෙදීම් මෙන්ම සාමාන්‍යයෙන් ගැටලු විසදාගැනීම, විශ්ලේෂණාත්මක හා නිර්මාණත්මක සිතුවිලි දිරිමත් කිරීම අභියෝගයට ලක් කෙරුණි.
Cloud තාක්ෂණය පිලිබඳව මූලික අවබෝධයක් ලබා දීම සදහා මෙම වැඩසටහනට පෙර මූලික වැඩමුළු 02ක්ද සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන් මගින් Cloud Platform, Cloud Sql සහ Amazon වෙබ් සේවාවන් පිළිබඳව දැනුමක් ලබා දීම මූලික අරමුණ විය.

තරඟාවලිය අවස්ථාවේදී තරඟකරුවන් සදහා ඔවුන්ගේ හැකියාවන් කරා ළඟා විය හැකි හොදම පරිසරය ලබා දීම සඳහා සංවිධායක මණ්ඩලය මනාව කටයුතු සූදානම් කර තිබූ අතර සහභාගීවූවන්ට උපකාර කිරීමට සහ මග පෙන්වීම සදහා Sysco Labs හි සහ GDG හි උපදේශක මහතුන් ද සහභාගී විය. එමෙන්ම තරග අතරතුර දී ආහාරපාන ලබා දුන් අතර සහභාගී වූවන් සඳහා විනෝදාත්මක අංගයන් සහිත පරිශ්‍රයක් ද සමන්විත විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ සන්නිවේදන හා ජනමාධ්‍ය තාක්ෂණවේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ප්‍රසාද් විමලරත්න මහතා, Google Developer කණ්ඩායම නියෝජනය කරමින් මිලින්ද සනෝජ් කුමාරගේ මහතා, WSO2 ආයතනය නියෝජනය කරමින් අයෝම විජේතුංග මහතා,
Orange IT හි චරිත් ජයනක මහතා, 99x Technology ආයතනයෙහි අශාන් ප්‍රනාන්දු මහතා සහ Millennium IT හි ප්‍රනීත් නිලංග පීරිස් මහතා ගෙන් විනිශ්චයමණ්ඩලය සමන්විත විය.
තරඟකරුවන් ආරම්භක අවස්ථාවේ සිට පැය 20ක් තම අදහස් දියුණු කර එය විනිශ්චයමණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර සාර්ථක තරඟයක අවසන් ප්‍රතිඵලය ලෙස ජයග්‍රාහී ස්ථාන 03ක් සඳහා කණ්ඩායම් තේරී පත් විය. එහිදී
>> ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ Avadhi කණ්ඩායමටත්,
>> දෙවන ස්ථානය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ Break IT කණ්ඩායමටත්,
>> තෙවන ස්ථානය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ Stranger කණ්ඩායම සහ APIIT හි Bandits කණ්ඩායමත් ලබා ගන්නා ලදී.
සාර්ථක තරඟයක අවසානය සනිටුහන් කරමින් ජයග්‍රාහී කණ්ඩායම් සදහා මුදල් තග්‍යා ලබා දෙන ලදී.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/08/cloudhack17/
Twitter20
Share20
0 votes