නින්නාද 2017 – අප දුටු අයුරින්

UCSC Exploration Club   මගින් සංවිධානය කළ නින්නාද 2017 ප්‍රසංගය පසුගිය සිකුරාදා (26) මහරගම තරුණ සේවා සභාවේදී ඉතා සාර්ථක ලෙසින් නිම වූයේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේද  නොමද ප්‍රතිචාර ලබමිනි.

එදින සවස 7.00 සිට පුරා හෝරා තුනක් පැවති ප්‍රසංගය විචිත්‍රවත් කිරීමට දිවයිනේ ජනප්‍රියතම තරු තුනක් එකම වේදිකාවක ගීත ඉදිරිපත් කිරීම මෙහි විශේෂයකි. නාලක සජී ප්‍රමුක වාදය වෘන්දයේ ස්වරයට කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සමග සනුක වික්‍රමසිංහ  හඬ එක්  කල අතර නිවේදනය මෙහෙයවීමට නාරද බක්මීවැව සහ ධනුෂ්ක සංජය සහය විය. 

සාම්ප්‍රදායික ලෙස පොල්තෙල් පහන් සිළු දැල්වීමෙන් ඇරඹි නින්නාද ප්‍රසංගය, සංවිධානය කිරීමෙහිලා දැඩි කැපවීමකින් කටයුතු කල UCSC Exploration Club හි සභාපති සහිරු සසංක සොයුරා ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂකයින් අමතා ප්‍රසංගයේ මූලික අරමුණ දන්වා සිටියේය. දිවයිනේ තෝරාගත් දුෂ්කර පාසල් කිහිපයකට සිදුකල සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව ඉන්  එක් පාසලකට පරිගණක විද්‍යාගාරයක් ලබා දීම එම අරමුණයි.

අහිංසක හීන පොදියකට හුස්ම සපයන්නට එක්වුනු සහෘද හදවත් ගොන්නක් සිසිල් කරමින් ගලා ගිය ඒ ගී ගං දියට මුල්ම උල් දිය එක් කරනු ලැබුවේ කසුන් කල්හාරයන් විසිනි. ප්‍රේක්ෂක සිත් සතන් සියුම් අයුරින් මෝහනයට පත් කල ඔහුගේ ගී හඬින් අතරමන් වී  සිටින මොහොතක, නිසල අහසට පතිත වූ අකුණු සැරයක් මෙන් දෙවනුව වේදිකාවට පැමිණියේ උමාරියා සිංහවංශය.

ඇයගේ  මධුර ගී හඬින් මෙන්ම රංගනයෙන්ද වශීකෘත වූ ජනයාගේ ඔල්වරසන් තරුණ සේවා සභා ශාලාව පුරා පිලිරැව් දෙන්නට විය. මීළඟට වේදිකා තලයට නැගුනේ යෞවන යෞවනියන්ගේ නොමද ආදරය දිනාගත් සනුක වික්‍රමසිංහය. ප්‍රේක්ෂක ආකර්ෂණය මොහොතකටදු ගිලිහෙන්නට නොදී තමා වෙතම තබා ගනිමින් ඔහුගේ ජනප්‍රිය ගී කිහිපයකින් සවන් කුල්මත් කිරීමට ඔහු සමත් විය.
මේ අයුරින් ගී වැස්සක් සමගින් මේ තරු නින්නාද අහස එකාලෝක කරමින්  බැස යන්නට වූයේ නුදුරු අනාගතයේ දිනක බොඳව යන්නට තිබූ දරු පිරිසක හීන යථාර්තයක් වන මගකට දොරගුලුද විවර කරමිනි.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/06/%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%af-2017-%e0%b6%85%e0%b6%b4-%e0%b6%af%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
Twitter20
Share20
1 vote