ඩවුන්ලෝඩ් කිරීමේ නවතම කලාව

සාමාන්‍යයෙන් පරිගණකයේ web browser එක හරහා යම් ගොනුවක් (file එකක්) download වීම සිදුවන්නේ යම් කිසි නීතිමාලාවක් එනම් protocol එකකට අනුවය. මෙය බොහෝ විට FTP හෝ HTTP ආකාරයේ වෙයි. මෙම ක්‍රම වල යම් අවාසි කිහිපයක් ඇත. අප  download කරනු ලබන file එකෙහි size එක තරමක් විශාල නම් download කිරීමේ වේගය තරමක් අඩුවේ. තවද එම file එකෙහි ජනප්‍රිය බාවය හා server traffic යන සාධක හේතුවෙන්ද download වීමේ වේගය අඩුවිය හැකිය. මෙයට පිලිමයක් වශයෙන් peer-to-peer තාක්ෂණය හදුන්වාදෙන ලදී. එහිදී file sharing software එකක් පරිගණකයේ install කර ගැනීමෙන් පසුව එම පරිගණකය එවැනිම software install කර ඇති පරිගණක වලින් සමන්විත ජාලයකට සම්බන්ද කරනු ලබයි. (file sharing network එකකට) මෙහිදී අපට අවශ්‍ය file එක එම ජාලයේ යම් පරිගනකයක තිබේදැයි පරික්ෂා කර එම පරිගණකයෙන් තමන්ගේ පරිගණකයට download වීම සිදුවේ. මෙම ක්‍රියාවලිය සිදුවීමට එම පරිගණක දෙකෙහිම file sharing software එක ක්‍රියාත්මක වෙමින් පැවතිය යුතුය. මෙහිදී තමන් එම file එක download කර ගැනීමෙන් පසුව එම software එකෙන් ඉවත් වීම නිසා තවත් එම file එක ඉල්ලා සිටිනු ලබන කෙනෙකුට download කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

මෙයට පිලියමක් වශයෙන් එම සංකල්පයම තවත් වැඩි දියුණු කරමින් ඇමරිකානු ජාතිකයෙකු වන Bram Cohen පරිගණක ක්‍රමලේඛ ශිල්පියා විසින් නව තාක්ෂණයක් ලොවට හදුන්වා දෙන ලදී. එය Bit torrent protocol නමින් හදුන්වයි. මෙහි Bit torrent යනු එම file sharing protocol එකෙහි නාමයයි. peer-to-peer ක්‍රමයේදී මෙන්ම මෙම ක්‍රමයේදී විශේෂ software එකක් පරිගණකයේ install කිරීම අත්‍යවශ්‍ය වේ. එම software වර්ගය torrent client නම් වේ. Brad Cohen විසින් හදුන්වාදුන් එම torrent client software  එකෙහි නම වන්නේද Bit torrent ය. මෙය Open source වර්ගයේ එකකි. එම නිසා වර්තමානයේ එය පාදක කර ගත්  torrent client software විශාල ප්‍රමාණයක් ඇත.

                                    Bit torrent හි නිර්මාතෘ Bram Cohen

Torrent මගින් යම් file එකක් download කිරීමට ප්‍රථමයෙන් torrent client software එකක් පරිගණකයේ install කර තිබිය යුතුය. ඉන්පසු අදාළ file එකෙහි torrent file එක (මෙහි extension එක “.torrent” වන අතර කිලෝබයිට් අගයක් ගන්නා කුඩා file එකකි.) download කර ගත යුතුය. මෙම torrent file එක සොයා ගැනීම සඳහා torrent search engine වෙබ් පිටුවකට පිවිසිය යුතුය. Download කරගත් torrent file එක torrent client software එක මගින් open කර download කිරීම ආරම්භ කල යුතුවේ. Download වීම සිදුවන්නේ torrent client software එක ක්‍රියාත්මක වෙමින් පවතින එම file එක අඩංගු වන පරිගණකයකින් හෝ කිහිපයකින්ය. මෙහිදී අපට අවශ්‍ය file එක අඩංගු වන ජාලයේ පිහිටි අනෙක් පරිගණකය එම file එක සම්පුර්ණයෙන් download කරගෙන තිබේ නම් එය seeder පරිගණකයක් ලෙසත්, තමවත් download වෙමින් අප පරිගණකයටද upload කරමින් පවතින පරිගණකය swarm ලෙසත් හදුන්වයි. torrent file එක download කිරීමේදී මෙම seed අගය වැඩි torrent file එකක් download කිරීම වඩාත් සුදුසුය. Download වීමේදී file එක කුඩා කොටස් වශයෙන් (1Mb ප්‍රමාණයේ) කොටස් වලට වෙන් කර download වීම වේ. මෙමගින් download වීමේ කාර්යක්‍ෂම තාව වැඩි වේ. මෙම සියලු දත්ත හුවමාරු වීම් මෙහෙයවනු ලබන්නේ ජාලයේ ඇති tracker පරිගණක මගිනි.

මෙමගින් චිත්‍රපට, ගීත ඇල්බම, පරිගණක මෘදුකාංග, පරිගණක ක්‍රීඩා වැනි විශාල ධාරිතාවයකින් යුක්ත file පහසුවෙන් download කරගත හැකිය. Bit torrent protocol ය පරිගණක වයිරස පැතිරීමේ මාධ්‍යයක් නොවේ. නමුත් අප download කරනු ලබන file එකෙහි වයිරස තිබීමට හැකියාවක් පවතී. වර්තමානයේදී torrent මගින් download කරනු ලබන ඕනෑම දෙයක් නීති විරෝදී වේ යැයි හඬ නගන පුද්ගලයන්, විවිධ ආයතන හා සංවිධාන ලොව පවතී. ඔවුන්ගේ අදහස වන්නේ torrent මගින් දත්ත මංකොල්ල කෑමක් (Data Piracy) සිදුවන බවයි. එයට නිදසුනක් වශයෙන් ප්‍රසිද්ධ torrent search engine වෙබ් පිටුවක නිර්මාතෘ කෙනෙකු පසුගිය දිනවල අත් අඩංගුවට ගැනීම සිදුවිය. එම නිසා තාක්ෂණය බුද්ධිමත් ව භාවිත කිරීම අප සැමගේ යුතුකමක් වන්නේය.

ජනප්‍රිය torrent search engine කිහිපයක්

අන්තර්ජාලය ඇසුරිණි.

කුලාන් සචින්තන.

2014/2015 කණ්ඩායම.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/03/%e0%b6%a9%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d%e0%b6%a9%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b6%b8-%e0%b6%9a%e0%b6%bd/
Twitter20
Share20
3 votes