C++ ස්ථාපනය කිරීම

C++ යනු ඔබ දන්නා පරිදි පරිගණක මුදෘකාංග ඉංජිනේරුවන් අතර ඉතාමත් ප්‍රචලිත වස්තු පාදක පරිගණක භාෂාවක්. ඉතින් C++ ඉගෙන ගන්න කැමති අයට C++ setup කරගන්න ආකාරය කියලා දීම තමා මේ ලිපියේ අරමුණ. පළවෙනියෙන්ම කියන්න ඕන දෙයක්  තමයි C++ setup කරන එක මෙහෙයුම් පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙනවා.  එහෙනම් අපි පටන් ගමු.

    C++ වලින් programming කරන්න කලින් අනිවාර්යෙන් අවශ්‍ය දේවල් 2ක් තියනව.

  1. Text Editor
  2. Compiler

 

  • Text Editor

    ඔබ දන්නා පරිදි Programming සදහා අත්‍යවශ්‍ය දෙයක් තමා Text Editor කියන්නේ. අපි නිතර භාවිතා කරන Notepad ඒ සදහා හොද උදාහරණයක්. අපේ කේතය type කරන්නේ මේ තුලයි.

Emacs, Sublime Text, Vim, Vi සහ TextPad කියන්නෙත් ඒ වගේ ඉතාමත් හොද Text Editor කිහිපයක්. සාමාන්යෙන් බොහෝ මෙහෙයුම් පද්ධති වල අනිවාර්යෙන් Text Editor එකක් ඇතුලත් කරලා තියනවා.

1

  • Compiler

මම හිතනවා Compiler කියන්නේ මොකද්ද කියල කියවන ඔබ දන්නවා කියල. Compiler එකෙන් තමා ඔබ හැදු Source Code එක අවසානයේ ක්‍රියාත්මක කල හැකි වැඩසටහනක් බවට පත් කරන්නේ.

Linux පාදක මෙහෙයුම් පද්ධති වල බොහෝ විට C++ Compiler එකක් ඇතුලත් වෙනවා. Compiler එක පහසුවෙන් Terminal එක හරහා කැදවන්න අවස්ථාව ඒ මෙහෙයුම් පද්ධති වල තියනව. C++ Compiler බොහොමයක් තිබුනත් වඩාත් බහුලව භාවිතා වන හා නොමිලේ ලබාගත හැකි Compiler එක තමයි GNU C/C++ compiler එක කියන්නේ.

අපි බලමු Windows මෙහෙයුම් පද්ධතිය තුල කොහොමද GCC install කරගන්නේ කියල.Windows තුල GCC install කරගන්න අපිට අවශ්‍ය වෙනවා MinGW install කරගන්න ඕන. ඒ සදහා http://www.mingw.org/ වෙත ගිහින් minGW installer එක බාගෙන install කරන්න ඕන.

2

MinGW install manager එකේ ඊට පස්සේ තෝරාගන්න මෙනු එකක් එයි. එකෙන් පල්ලෙහා පෙන්නලා තියන විදිහට තෝරන්න.

3

ඒ කියන්නේ mingw32-gcc-g++ කියන එක තෝරන්න. එතනින් අදාල packages install කලාට පස්සේ close කරන්න. ඔබ හරියටම කරනම් දැන් g++ compiler එක පරිගණකය ඇතුලේ install වෙලා ඉවරයි. දැන් වැඩ කරනවද නැද්ද කියල බලන්න MinGW install කරපු directory එකේ තියන bin folder එක තුලට යන්න. ඒ directory එක තුලට Command Prompt එකෙන් යන්න . දැන් එය තුල g++ -v කියල type කරන්න.

ඔබට දැන් බලාගන්න පුළුවන් ඔබේ C++ compiler එකේ version එක මොකද්ද කියල.

4

ඔබට පේනවා ඇති දැන් මගේ පරිගණකයේ ස්ථාපනය වෙලා තියන g++ version එක 4.9.3 බව.

මම තවමත් g++ run කලේ bin ෆෝල්ඩර් එක තුලයි. නමුත් command line එකේ ඕනෑම තැනකදී g++ compiler call කරන්න නම් g++ වල තියන bin subdirectory එක path variable එකට add කරන්න ඕන.

PATH variable එක Windows තුල ඇති Environment variables වල සොයාගන්න පුළුවන්.

 

මේ වගේම Linux පාදක මෙහෙයුම් පද්ධතියක terminal එක හරහා g++ compiler එක call කරන්න පුළුවන්.

terminal එක තුල g++ command එකෙන් compiler එක call වෙනවා. වෙනත් compiler වර්ග තියවනම් ඒවාට වෙනස් command තියනවා call කිරීම සදහා. එසේ ස්ථාපනය වී නොමැති Linux මෙහෙයුම් පද්ධතියක package manager හරහා c++ compiler එකක් ලබාගන්න පුළුවන්. බොහෝවිට sudo apt-get install g++ command එක හරහා එය කරගන්න පුළුවන්.

මීට අමතරව ඔබට IDE භාවිතයෙන් C++ වලින් programming කරන්න පුළුවන්. Eclipse, Netbeans, code::blocks කියන්නේ ඉතාමත් හොද ගනයේ IDE කිහිපයක්. ඉතාමත් පහසුවෙන් ඔබේ කටයුතු IDE එකක් මාර්ගයෙන් කරගන්න පුළුවන්. වෘත්තීය මට්ටමේදී සමාගම් වල බහුලව programming සදහා IDE භාවිතා කරනවා.

මම හිතනවා මේ ලිපියෙන් c++ setup කරගන්න ආකාරය ගෙන වැටහීමක් ලැබෙන්න ඇති කියල. ඔබ ඉදිරියට ඉගෙනගැනීමේදී මීට වැඩ වෙනස් ක්‍රම සොයා ගන්න භාවිතා කරන්න ඔබ හැකිවේවි.

~ Pasan Missaka ~

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2016/03/c-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/
Twitter20
Share20
1 vote